Recent Posts

තරු වලත් කාබනික සංයෝග තිබේ ද?

6:49 AM Add Comment
තරු වලත් කාබනික සංයෝග තිබේ ද?


ඔව්, 67P/ChuryumovGerasimenko නමැති වල්ගා තරුවෙන් මින් පෙර හමු නොවූ කාබනික සංයෝග හතරක් සොයාගෙන තිබෙනවා. මේ සංයෝග වන්නේ මීතයිල් අයිසොසයනේට්, ඇසිටෝන්, ප්‍රොපනැල්ඩිහයිඩ් සහ ඇසිටැමයිඩ් ය. අදාළ වල්ගා තරුව මතට ඉකුත් නොවැම්බර් මස පතිත කරවූ Philae`s යානය මඟින් මෙම දත්ත ලබා දී ඇත. යානය තරුව මත පතිත වී විනාඩි 25කට පසුව එහි සංවේදක වලට හසු වූ දුහුවිලි අංශු මඟින් මේම දත්ත රැස් කරගෙන තිබේ.

ලොව ප්‍රථම රොබෝ සටනට ඔබත් සූදානම්ද?

ලොව ප්‍රථම රොබෝ සටනට ඔබත් සූදානම්ද?

2:09 AM Add Comment


ඔන්න චිත්‍රපටවල පෙන්නන රොබෝ සටන් ඇත්තක් වෙන්නයි යන්නෙ..පළවෙනි රොබෝස්  සටන  ලබන අවෘද්දෙ එනම් 2016 ජුනි mමාසයේදීතෝරාගත් ස්තානයක පැවැත්වීමට තීරණය කර තිබේ.මේ රොබෝ සටන පැවැත්වෙන්නෙ ලෝක බලවත්තු දෙදෙනෙක් අතර ඒ තමා  ඇමෙරිකාව සහා ජපානය යි.


ජපානය කවදත් ඉතින් රොබෝ තක්ෂණයට ප්‍රසිද්ධයි නේ?ඉතින්  ඔවුන්ම් මේ තරගයට ඉදිරිපත් කරන්න යන්නෙ ටොන් 5ක් බර කුරාටාස් කියන රොබෝවායි.මේ රොබොවාගේ මිල ඇමෙරිකන් ඩොලර් මිලියනයක් විඩියට තමා දැනට තක්සේරු කරලා තියෙන්නෙ..මෙයාගෙ ප්‍රතිවාදියා විදියට තරග කරන්නෙ මෙගාබොට් කියන ඇමෙරිකානු රොබෝවායි...අනේ මන්දා මට නම් හිතෙන්නෙ ජපන් රොබොට්ටා දිනයි කියලා ඔයා මොනද හිතන්නෙ කියලා අපිට කියන්න...අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා මෙයලා ආයුධ සන්නද්දයි හො>දේ>><<<<


සඳකඩ පහණ

7:23 PM Add Comment
සඳකඩ පහණ



යම් පූජනීය ස්ථානයකට ඇතුලුවන දොරටුව අසල අඬ සඳක් වැනි (සඳකඩ) ගලක් (පහණ) පාපිස්නක් ලෙස භාවිතා විය. කාලයත් සමඟ මෙය කැටයම් වලින් යුතු අඟනා කලා නිර්මාණයක් බවට පත්විය. දැනට ලංකාවේ අගනාම සඳකඩ පහණ අනුරාධපුර බිසෝ මලිගයේ දක්නට ලැබේ. සඳකඩ පහණක පිටත සිට ඇතුලට යාමෙදී මුලින්ම ගිනිදැල් ද, ඉන්පසු ඇතා, අශ්වයා, ගවයා, හා සිංහයා යන සත්ත්ව රූප ද, සංකීර්ණ ලියවැල්, හංස පේළිය, නැවත සරල ලියවැල් ද, මැද නෙළුම් මලක් ද ඇත.



මෙම සන්කේත වලින් යම් අදහසක් කියැවෙන බව පරණවිතාරණ මහතා ප්‍රකාෂ කර ඇත. ඔහුට අනුව,
මෙම සමස්ත නිර්මාණයෙන් සංසාරයෙන් එතරවීම සංකේතවත් කරයි.



*ගිනිදැල් - කෙලෙසුන්
*සත්ව පේළිය - සතර සංසාරික බිය (ජාති, ජරා, ව්යාධි, මරණ)
*සංකීර්ණ ලියවැල - තණ්හාව
*හංසයා - සසර බියෙන් මිදී නිවන කරා යන සත්වයා
*සරල ලියවැල - තුනී වූ තණ්හව
*නෙළුම් මල - සසරින් එතර වීම, ශුද්ධාවාස බ්‍රහ්මලෝකය
යන අරුත් ඇතිබව එතුමාගේ අදහසයි.

නමුත් මෙවන් උදාර අර්තයක් ඇති දෙයක් පයට පෑගෙන තැනක තබන්නේ මන්දැයි ගැටළුවකි. හින්දු ආගමික බලපෑම මත පොළොන්නරු යුගයේ දී සඳකඩ පහණින් ගවයා ඉවත් කලේද මෙම හේතුව නිසාවේනි. කෙසේ වුවත් එය සිංහල කැටයම් කලාවේ විශිෂ්ට නිර්මණයක් බව අවිවාදයෙන් පිළිගත යුතු ය.

කවුරුත් කැමති සෙල්ෆි පිස්සුව........

7:20 PM Add Comment
                                                    සෙල්ෆි කියන්නෙ කුමක්ද? හැමදෙනාම හතර අතේ ගහන සෙල්ෆි ආවේ කොහෙන්ද?ආවේ කවදාද? ඒ ගැන සොයා අපි අද යමු සෙල්ෆි ලෝකයට..... සෙල්ෆියක් කියන්නේ චායාරූප ගන්න තැනැත්තා පෙනී සිටින අලේඛ්‍ය චායාරූපයකි.එය ගන්නේ සමාන්‍ය ඩිජිටල් කැමරාවකින් හෝ කැමරා ෆෝන් එකකින්.සෙල්ෆි ගන්නේ ෆේස්බුක් ,ට්විට්ර් හා ඉන්ටග්‍රෑම් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ෂෙයා කරන්නයි.සෙල්ෆි වැඩිපුරම ජනප්‍රිය වීමට හේතු වූයේ කැමරා ෆෝන් සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියි.ඡායාරූපය ගන්නා තැනැත්තාම එහි පෙනී සිටින්නාත් වන සෙල්ෆි ,සාම්ප්‍රදායික ඡායාරූප ශිල්පයේ විශාල වෙනස්වීමක් ලෙසද හැදින්විය හැක.ෆෙස්බුක්,ඉන්ටග්‍රෑම්,මයිස්ප්ස්,ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ෂෙයාර් කිරීම සඳහා දිනකට සෙල්ෆි මිලියනයකටත් වඩා ගන්නා බව අනාවරණය වී තිබේ.

                                               සෙල්ෆි නැමැති වදන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයට එක් වූයේ 2013 දීය.එය දැන් අපේ එදිනෙදා ශබ්දකෝශයේ නිතර භාවිතා වන වචනයක් වී හමාරය.ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයේ "සෙල්ෆි" යන්න අර්ථකතනය කර තිබෙන්නේ අතේ දුරින් කැමරාවක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් තබාගෙන තමන්ගේ මුහුණෙ ඡායාරූපයක් ගැනීම කියායි.ලෝකයේ සෙල්ෆි ජනප්‍රිය වී තිබෙන්නේ මෑතකාලීනව වුවත් පළමු සෙල්ෆිය ගෙන තිබෙන්නේ රොබට් කෝර්නේලියස් නැමැති ආධුනික ඡායාරූප ශිල්පියා විසිනි.                                                            කෙසේ වෙතත් සෙල්ෆි ගසන්නෝත්,ඒවා බලන්නෝත් අවදානය යොමු කලයුතු කරුණකි.සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින සුන්දරත්වය,ප්‍රසන්න බව හා පොහොසත්කම් ව්‍යාජ දේවල් මිස ජිව්තයට අරුතක් එක් කරන යථාර්ථයන් නොවේ.අපි ජීවත් වන්නේ බොරු සෝබන හා ඔපය සහිත ලෝකයක බව කවුරුත් සිහියේ තබා ගත යුතුය.මිනිසුන් පෙන්වන්නෙ මායවක් මිස සැබෑවක් නොවේ.ඕනම අයෙකුට ලබාගත හැකි බැවින් තරුණියන් හා කාන්තාවන් විශේෂයෙන්ම තම සෙල්ෆි ආදිය සමාජ මධ්‍ය වලට එකතු කරන විට පරිස්සම් විය යුතුය.ෆෙස්බුක් නිසා තරුණ ජීවිත නැති වී ගිය ආකාරය අපි පසුගිය කාලයේ දුටුවෙමු.විනෝදයට සීමාවක් හා විනයක් පනවා ගන්නේනම් එය තමාගේ ආරක්ෂාවට හොඳය.