සඳකඩ පහණ

7:23 PM
සඳකඩ පහණ



යම් පූජනීය ස්ථානයකට ඇතුලුවන දොරටුව අසල අඬ සඳක් වැනි (සඳකඩ) ගලක් (පහණ) පාපිස්නක් ලෙස භාවිතා විය. කාලයත් සමඟ මෙය කැටයම් වලින් යුතු අඟනා කලා නිර්මාණයක් බවට පත්විය. දැනට ලංකාවේ අගනාම සඳකඩ පහණ අනුරාධපුර බිසෝ මලිගයේ දක්නට ලැබේ. සඳකඩ පහණක පිටත සිට ඇතුලට යාමෙදී මුලින්ම ගිනිදැල් ද, ඉන්පසු ඇතා, අශ්වයා, ගවයා, හා සිංහයා යන සත්ත්ව රූප ද, සංකීර්ණ ලියවැල්, හංස පේළිය, නැවත සරල ලියවැල් ද, මැද නෙළුම් මලක් ද ඇත.



මෙම සන්කේත වලින් යම් අදහසක් කියැවෙන බව පරණවිතාරණ මහතා ප්‍රකාෂ කර ඇත. ඔහුට අනුව,
මෙම සමස්ත නිර්මාණයෙන් සංසාරයෙන් එතරවීම සංකේතවත් කරයි.



*ගිනිදැල් - කෙලෙසුන්
*සත්ව පේළිය - සතර සංසාරික බිය (ජාති, ජරා, ව්යාධි, මරණ)
*සංකීර්ණ ලියවැල - තණ්හාව
*හංසයා - සසර බියෙන් මිදී නිවන කරා යන සත්වයා
*සරල ලියවැල - තුනී වූ තණ්හව
*නෙළුම් මල - සසරින් එතර වීම, ශුද්ධාවාස බ්‍රහ්මලෝකය
යන අරුත් ඇතිබව එතුමාගේ අදහසයි.

නමුත් මෙවන් උදාර අර්තයක් ඇති දෙයක් පයට පෑගෙන තැනක තබන්නේ මන්දැයි ගැටළුවකි. හින්දු ආගමික බලපෑම මත පොළොන්නරු යුගයේ දී සඳකඩ පහණින් ගවයා ඉවත් කලේද මෙම හේතුව නිසාවේනි. කෙසේ වුවත් එය සිංහල කැටයම් කලාවේ විශිෂ්ට නිර්මණයක් බව අවිවාදයෙන් පිළිගත යුතු ය.

Share this

Related Posts

Previous
Next Post »